Friday, June 21, 2013

ප්‍රවෘතියක්........

                        DIG වාස් ගුණවර්ධන මිනී මරලා

මෑත කා‍ලයේ අප හිත් වල හිටි වීරයෙක්......

රත්නපුරේ මිනී මැරුම් හොයා ගත්තම......

තුට්ටු දෙකේ දේසපාලුවන්ගෙන් 

ගුටි කන්න එපා කියලා පොලීසීයට බලය පවරන කොට 

විතරක්ම නෙමෙයි......

මෑත කාලයේදී 

පොලිස් නිළධාරීන්ගේ නිවට නියාළු හැසීරීම දැක්කම................

රාජකාරිය මගහැර ලොකු ලොක්කන්ගෙ කකුල් ලෙවකන හැටි දැක්කම...........

සිද්ධ වෙන අසාධාරණයන් වෙනුවෙන් සාධාරණය හොයාගෙන .............

පොලීසියට ගොඩ වැදිලා කබලෙන් ලිපට වැටෙන අහිංසකයන් දැක්කම ...........

වාස් මහත්තයා 

මහත්තුරු අතර 

        "නියම මහත්මයෙක්" 

       "ආඩම්බරකාර පොලිස් නිළධරුවෙක්"

හැටියටයි අපි දැක්කෙ 

     රටට ආඩම්බරයක්....

    අපිට ආඩම්බරයක්......  කියලමයි

  අපි හිතුවෙ.

උන් හිටිගමන් ඩෝං ගාලා 

හත් අවුරුද්දක නියං සමයමක  

" මහ හෙන පතයක් කඩා පාත් උනා ව‍ගේ"

මොකද මේ උනේ කියලයි තාමත් කල්පනා කරන්නේ 

මේක ඇත්තක්ද................?

ඇත්තම ඇත්තක්ද................?

ඒ වගේ කෙනෙක් ඇයි මේ වගේ වැඩ කලේ................?

මේ වගේ වැඩ කරද්දි ඇයි ඒ වගේ හිටියේ ................?

මිනිස්සුන්ට මෙහෙම කරන්න පුළුවන්ද................?

මේ මිනිස්සුම ජාතියක්ද................?

එහෙම නැතිව මේ මොකක්හරි වෙච්ච වැරද්දක්ද ................?

මේක ඔහුගෙ පවද,  එහෙම නැතිනම් අපේ පවද ................?

එහෙමත් නැතිනම් මේ  ලංකාවේ හැටිද ................?

හිත හදාගන්න............

දන්න කියන තේරේන කෙනෙක් ඉන්නවනම් ......................

උත්තරයක් දෙන්න.............

Tuesday, June 11, 2013

කියවන්න

ජීවිතය........,

 
කෙතරම් කාර්ය බහුල වුවද.....


කුමක් ‍හෝ වැදගත් යමක්....


ජීවිතයට අළුතින් එක් කලහැකි යමක්.....


කියවීමට...........


දවසින් අඩ පැයක් හෝ ‍වෙන්කරගන්න.








තනිකමක් දැනුන විට කියවන්න


පාළු‍වෙන් සිටින විට කියවන්න


මහන්සිය දැනුනවිට කියවන්න


සතුටින් සිටිනවිට කියවන්න


නිදියන්න ‍මොහොතකට පෙර කියවන්න


කුමක් හෝ දෙයක් කියවන්න








මක් නිසාද යත්.....


කියවීම..


මිනිසා දැනුවත් කරන නිසාම,


බුද්ධිමත් කරන නිසාම,


පමණක් ‍නොව


බොහෝ සිත් ‍වේදනා.......


කියවීම නැමැති ලබැඳි මිතුරා විසින්


සමනය කරන නිසා‍වෙනි...


එය සැබැවින්ම


භාවනාවක් නිසාවෙනි....
මගේ සල් අසපුවට පැමිණෙන්න.